24 C
Colombo
Thursday, March 20, 2025

මහ කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරයක්

- Advertisement -

කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000.00 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමට නියමිත බවයි.

2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවින් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝගඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රජය පවසනවා.

එමෙන්ම, 2024/25 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවින් වෙත තරගකාරී මිලකට අලෙවි කිරීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

රජයේ තීරණය එනතුරු බලන් ඉන්න කොටස් වෙළදපොළ

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම...