29.4 C
Colombo
Tuesday, April 15, 2025

පාපන්දු සම්මේලනයේ නිලවරණය අදයි

- Advertisement -

පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තෝරා පත්කර ගැනීම සඳහා වන නිලවරණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (29) පැවැත්වෙනවා.

ඉදිරි සිව් වසර සඳහා මෙවර උණුසුම් තරඟයක් පැවැත්වෙන අතර ඒ සඳහා හිටපු සභාපති ජස්වර් උමර් මහතා සහ නව අපේක්ෂකයකු ලෙස දක්ශිත සුමතිපාල මහතා තරඟ වදිනවා.

නිලවරණයේදී ඡන්දය ප්‍රකාශය කිරීමට ලීග් 67 සුදුසුකම් ලබා ඇති අතර අද පත්වන විධායක කමිටුව ලබන සිව් වසර දක්වා ශ්‍රී ලංකාවේ පාපන්දුව මෙහෙයවීමට නියමිතයි.

නිලවරණය නිරීක්ෂණය සඳහා ලෝක පාපන්දු සම්මේලනය, ආසියානු පාපන්දු සම්මේලනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුගියදා ඉදිරිපත් කළ දක්ශිත සුමතිපාල මහතාගේ නාමයෝජනා පාපන්දු නිල වර්ණ කමිටුව මඟින් ප්‍රතික්ෂේප කළත් පසුව අභියාචනා කමිටුව විසින් සුමතිපාල මහතාට තරඟ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සෝලා ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලය තවදුරටත් ඉල්ලයි

උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර...

දළදා ප්‍රදර්ශනයට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබෙනවා. ඒ අනුව, 1.ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී...

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

POPULAR ARTICLES