මේ සියලුම සෙල්ලම් කළ හැක්කේ තව අවුරුදු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසවා.
ඒ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හයිඩ් පිටියේ සංවිධානය කළ විරෝධතා රැළිය අමතමින්.
මෙහිදී රැලිය ඇමතූ ෆීල්ඩ්මාර්ෂල් වරයා,
”රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලිමේන්තුවේ නෑ. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය ඒ බව තේරුම් ගනිමින් ඉන්නවා. මේ අරගලය මාර්තු මාසයෙ පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගලයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු සියලු දෙනාම එකතුවෙලා අඩිතාලමක් දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා. ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පුළුවන්”යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියා.