25 C
Colombo
Friday, October 25, 2024

රිතික් සහ දීපිකාගේ දර්ශනයක් නිසා ‘Fighter’ නිෂ්පාදකයින්ට නඩු

- Advertisement -

පසුගියදා නිකුත් වූ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ පළමු ගුවන් ක්‍රියාදාම චිත්‍රපටය ලෙස හඳුන්වන ‘FIGHTER’ නීතිමය ගැටලුවකට මුහුණ පා තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් Saumya Deep Das විසින් චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ, චිත්‍රපටයේ ඇති ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් ලෙස චරිත නිරූපණය කරන චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් යුවල වන Hrithik Roshan සහ Deepika Padukone ඉන්දීය ගුවන් හමුදා නිළ ඇඳුමින් පෙනී සිටින තොල් සිපගැනීමේ දර්ශනයක් හේතුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අගෞරවයක් සහ සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව දක්වමින්.

මේ සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ Siddharth Anand වෙතින් එරට මාධ්‍ය සිදු කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවටම ඉන්දීය ගුවන් හමුදාව හා සහයෝගයෙන් කටයුතු කල බවත් චිත්‍රපටය නිකුත් කිරීමට පෙර ගුවන් හමුදා ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්ට සහ රට පුරා සිටින එයාර් මාර්ෂල්වරුන් 100 කට පූර්ව දර්ශනයක් පැවැත්වූ අතර, එම සියළුම දෙනා මෙම චිත්‍රපටය බෙහෙවින් අගය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...