පාර්ලිමේන්තුව තුළ මේ වන විට විහිළුවක් බවට පත්ව තිබෙන නියෝජ්‍ය කතානායක ධූරය සම්බනධයෙන් අද දිනයේත් වාද විවාද කරමින් කාලය ගතකරන අයුරු දක්නට ලැබෙනවා.
ඒ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා අග්‍රාමාත්‍යවරයා කාන්තාවක් පත්කරගැනීම සුදුසු යැයි යෝජනා කර තිබියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා කිරීමත් සමඟයි.
මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය යෝජනා කර තිබෙන තත්ත්වයකදී ආණ්ඩු පක්ෂය ඒ සඳහා ඡන්දයක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව මේ වන තෙක් එම ගැටළුව විසඳාගත නොහැකිව එකිනෙකාට බැණ ගනිමින් අද දිනයේත් කාලය කා දමමින් සිටිනවා.