24.9 C
Colombo
Monday, November 25, 2024

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී තිබුණා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සකරු අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක මහතා, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාමනායක මහතා වරදකරු කොට 2022 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4 සිර දඬුවම් නියම කෙරුණා.

අනතුරුව 2022 වසරේදී ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව ඔහු නිදහස් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES