නිකිණි වැස්ස සිනමාපටය අධ්‍යක්ෂණය කරණු ලැබූ අරුණ ජයවර්ධගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන “මාරියා – The ocean angel ” සිනමාපටයේ රූගත කිරීම් අද (16) දින ආරම්භ කරනු ලැබූවා .
“මාරියා” නිෂ්පාදනය ඉන්ද්‍රජිත් සිල්වා විසින් සිදු කරනු ලබන අතර චිත්‍රපටයේ රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා , හේමාල් රණසිංහ , අශාන් ඩයස් ,ධර්ෂන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ ,සුරාන් දසනායක යන ශිල්පීන් දායකත්වය සපයනු ලබයි.
ධීවරයන් පිරිසකගේ කතා තේමාවකින් සමන්විත මෙම සිනමා නිර්මාණය සම්පූර්ණයෙන්ම රූගත කිරීමට නියමිතව ඇත්තේ මහ මුහුද මත වීම විශේෂත්වයකි .
එමෙන්ම මෙම චිත්‍රපටයේ cast එක පූර්ණ වශයෙන්ම නලුවන් පමණක් දායකවීම තවත් විශේෂත්වයකි.
– රංගන ඉසුරු –