27.1 C
Colombo
Friday, November 29, 2024

ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා වහාම හොයන්න..! – නීතිපති පොලිස්පතිට දන්වයි

- Advertisement -

ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩ සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි නීතිපතිවරයා පෙන්වා දි ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය යොදා ගනිමින් ජනතාව සති කිහිපයක සිට විරෝධතාව පවත්වා ගෙන ගිය බව නීතිපතිවරයා පෙන්වා දෙනවා.

ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම රජයේ සියලුම පාර්ශ්වයන්ට පැවරෙන බවයි නීතිපතිවරයා මෙම ලිපියේ අවධාරණය කර ඇත්තේ.

සාමකාමීව රැස්වී සිදුකළ මෙම විරෝධතාවයට ඊයේ (09) දිනයේ විශාල පිරිසක් කඩා වැදී සිදුකළ ක්‍රියාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හා අපරාධමය ක්‍රියාවක් බවද නීතිපතිවරයා පෙන්වා දි තිබෙනවා.

නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මීට අදාළ පරීක්ෂණ ප්‍රමුඛතාවය ලබා දී වහාම සිදුකරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

POPULAR ARTICLES