29.2 C
Colombo
Monday, April 14, 2025

හංසමාලිට දුන්නු පෙට්‍රල් ෂෙඩ් එක ගැන හොයලා බලන්න

- Advertisement -

බලශක්ති අමාත්‍යංශය තමන් හට භාරදෙනු ලැබුවේ ‘සුද්ධ කිරීමට’ බව අමාත්‍යංශයේ වැඩකටයුතු ඇරඹූ අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා තමන් හට පැවසූ බවත් එසේ සුද්ධ කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් මහතා පවසනවා.

රාසමානික්කම් ශානකියන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමින්.

ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු අලෙවිකරණ කළමණාකරු සම්බන්ධයෙන් තමන් නඩුවක්ද පවරා ඇති නමුත් ඔහු සම්බන්ධ චෝදනා රාශියක් තිබියදී නැවතත් ඔහුට තනතුරක් ලබාදී ඇති බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති හරහා සිදුව ඇති දූෂණ හා වංචා පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

“උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා.

හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ. ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම තමයි නැගෙනහිර වසන්තය යටතේ අපි දන්නවා පිල්ලෙයාන් ඇවිල්ලා එයාට කෝටි ගණන්වල දේපළ හොයාගත්තා. මේකෙ තියෙනවා ඩොකියුමන්ට්. මට වෙලාව මදි.

මේකෙ තියෙනවා ට්‍රේඩ් ලංකා කියලා කම්පැනියක්. මේ ට්‍රේඩ් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියට ඉම්පෝර්ට් කරන්නෙ කවුද කියලා හොයලා බලන්න. මේකට කැබිනට් ඇමතිවරුත් සම්බන්ධයි කියන එකත් මට මෙතන කියන්න පුළුවන්”

RECENT ARTICLES - SINHALA

දළදා ප්‍රදර්ශනේට යනවනම් මේ ගැන දැනගෙන යන්න

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. සිරි දළදා දැක්ම...

සුනඛයෙක් නිසා ඝාතනයක් සිදුකර පලාගිය සැකකරු අත්අඩංගුවට

දෙවලපොල ප්‍රදේශයේ දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළව පළාගොස් සිටි සැකකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අද (14) අත්අඩංගුවවට...

උණුසුම ගැන විමසිල්ලෙන්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (15) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,...

POPULAR ARTICLES