දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් වෛරසය ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිටියදී ඊයේ (05) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ
වයස 65ක පුද්ගලයෙක් වන මොහු ඔහු කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බවත් මෙය මෙරට කොවිඩ් ආසාධනයවීමෙන් සිදුවූ ප්‍රථම ආදිවාසී මරණය බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් තහවුරු කර සිටිනවා.
ඔහුගේ අවසන් කටයුතු බණ්ඩාරවෙල ආදාහනාගාරයේදී (06) අද සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.