ජනපති ආර්‍යාවගේ මව අභාවප්‍රාප්ත වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව වන පද්මා දේවි පීරිස් මහත්මිය අද (08) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය ජීවත්ව සිටියේ ඇමරිකාවේ කැලිෆෝනියාවේය. අවසන් කටයුතු නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.