26.4 C
Colombo
Friday, March 14, 2025

මොහොත්තුවාරම දූපතේ ඡන්දය දෙන්න ධීවරයින් බෝට්ටුවෙන් ඇවිත්

- Advertisement -

පල්ලියවත්ත, බත්තලන්ගුන්ඩුව, උච්චමුනේ, කිරි මුන්දලම දූපත්වල ධීවරයින් සිය ඡන්දය භාවිතා කිරීම සඳහා අද (21) උදෑසන කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා.

‘ලංකාදීප’ වාර්තා කළේ ඔවුන් ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මඟින් ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණ ඇති බවයි.

මොහොත්තුවාමර දුපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ මෙවර ඡන්දදායකයින් 904 ක් ලියාපදිංචි වී සිටින අතර එම පිරිස මෙසේ ඡන්දය ලබා දීම සඳහා පැමිණ තිබුණා.

එලෙස පැමිණ සිටින ධීවරයින් පවසා ඇත්තේ තම ඡන්දය භාවිතා කිරීම ඔවුන්ට රුපියල් 5000 ත් 8000 ත් අතර ඉන්ධන වියදමක් දැරීමට සිදුවන බවයි.

නමුත්, එම වියදම කෙසේ හෝ දරා ගනිමින් තම ඡන්දය භාවිත කිරීමට මහත් වුවමනාවෙන් පැමිණි බව ඡන්ද දායකයින් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.