25 C
Colombo
Friday, January 10, 2025

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

- Advertisement -

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටිය දී වරායේ සිට කිලෝ මීටර් 47ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය පවසන්නේ, මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සිදුකරමින් සිටි ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්යෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි.

අනතුරින් 47 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර 60 හැවිරිදි මුහුදු වෙරළ පාර, ඔලුවිල් හි පදිංචි ව සිටි තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා

අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුරින් තුවාල ලබා නොමැති බවද සඳහන් වෙනවා.

නාවික හමුදාව විසින් වෙනත් ධීවර බෝට්ටුවක සහාය ඇති ව මෙම පුද්ගලයින් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES