පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාකාරවරයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඔවුන් ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක්, සහ ඔවුන් පැමිණි ඇති බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා වාහන, මෝටර් රථ, වෑන්, ඇතුළු වාහන කීපයක් මෙන්ම පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක්, එළුවකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් අනුව, සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල, ගිරිඋල්ල, මාකොළ, මහරගම, සියඹලන්ගමුව යන ප්‍රදේශවල පදිංචි වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ, සුඛෝපභෝගී කාර් රථයක්, වෑන් රථයක්, නිදන් හැරීමට යොදාගත් ජේ .සි.බි.යන්ත්‍රයක් එම ජේසිබි යන්ත්‍රය ප්‍රවාහනය කර විශාල ලොරියක්,වතුර මෝටර්, කළුගල් විදින යන්ත්‍රයක්, මුහුදු වැලි, ජපමාල, දෙහි, උදළු, ගිර,පහන්, යකඩ ඉනි, ඇතුළු කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ තොගයක්, තවත් පූජා භාණ්ඩද මෙහිදී අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පවසනවා.