අගමැති යැයි පවසන මහින්ද රාජපක්ෂගේ මැරයන් පිරිසක් ගෝඨාගෝගමට සහ මයිනාගෝ ගමට එල්ල කළ මිලේච්ඡ ප්රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ජාතික රෝහල පවසනවා.
මෙම පහරදීම සිදුවන තුරු පොලීසිය කිසිදු ක්රියාමාර්ගයක් නොගෙන මහින්ද පාක්ෂිකයන්ට සියලු පහසුකම් සපයනු ලැබූවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සියලු අට්ටාල, කූඩාරම් කඩා ගිනිතැබූ මහින්ද පාක්ෂිකයන් ගාලු මුවදොරට පැමිණ එම කූඩාරම් හා අට්ටාලද කඩා දැමුවා.
ඒ සියල්ල සිදුකිරීමෙන් අනතුරුව පොලීසිය මේ වන විට කදුලු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.