කොළඹ – මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ පස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව නිට්ටඹුව රථවාහන පොලිසිය පවසනවා.
කොළඹ සිට කඳුරුුවෙල බලා ගමන් ගනිමින් තිබූ පුද්ගලික බස් රථය හා මංගල උත්සවයකට සහභාගි වී ආපසු කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.
අනතුරු සැලවූ වහාම තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.