28.5 C
Colombo
Sunday, December 15, 2024

වැඩ බලන්න ඇමතිලා පහක්

- Advertisement -

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා ද මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කරනවා.

ඒ අනුව,

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පත් කර තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙසත් මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාත් පත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, පත් කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

කාළගුණෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා පැය 24ක් දක්වා වලංගුවන පරිදි අවදානයෙන් සිටින ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්...

බිත්තර මිලේ වෙනසක්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද (15) සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ...

රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම ගැන විමර්ශනයක්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම අද (15) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බෙලිඅත්තේ...

POPULAR ARTICLES