25 C
Colombo
Tuesday, April 29, 2025

මාරක රිය අනතුරුවලින් පස් දෙනෙක් මරුට

- Advertisement -

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරට,  අවුරුද්දයි මාස 07ක කුඩා දරුවෙකුද ඇතුළත්.

 ඊයේ (13) දිනයේ, මහව පොලිස් වසමේ අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අයිනේ තිබූ කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා.

 එලෙස මියගොස් ඇත්තේ, කොච්චිවත්ත, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් සහ 53 හැවිරිදි කාන්තාවක්.

පොලීසිය පවසන්නේ ඔවුන් අඹුසැමි යුවළක් බවයි.

මේ අතර බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියගිය දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ දෙපැලමුල්ල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා වන අතර අනතුර සිදුකළ වයස අවුරුදු 39 මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මනම්පිටිය පොලිස් වසමේ දිඹුලාගල මහඋල්පත මාර්ගයේ මහඋල්පත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා පැදිකරු මනම්පිටිය හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එලෙස මියගොස් ඇත්තේ, මහඋල්පත, කාශ්‍යපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්.

මේ අතර සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර මුල්ලිකුලම් පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාසිතණ්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ එළ ගවයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු සිලාවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

59 හැවිරිදි පැදිකරු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 27 වනදා පස්වරුවේ එම සැකකරු කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES