31 C
Colombo
Wednesday, October 16, 2024

පාසල් සිසුන් ඇතුළු පස්දෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ රිය අනතුර

- Advertisement -

ඉන්දියාවේ කාන්පූර්හි සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් හදිසියේ තිරිංග තද කිරීම නිසා පසුපසින් පැමිණි මෝටර් රථයටද තිරිංග තද කර ඇති අතර, එහිදී අවාසනාවන්ත ලෙස වාහන දෙකටම පිටුපසින් පැමිණි ට්‍රේලරයක් මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදු වූ ස්ථානයේදීම මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් සිසුන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථයට සිදු වූ දැඩි හානිය නිසා එහි සිටි සියලුදෙනා රථයට සිරවී සිට ඇති අතර මළ සිරුරු ලබාගැනීමට මෝටර් රථය කපා වීදුරු කුඩු කිරීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ටිපර් රථයේ සහ ට්‍රේලරයේ රියදුරන් අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පළා ගොස් තිබුණා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ගුවන් යානා 10කට බෝම්බ තර්ජන

ගතවූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැගි...

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට – දෙදෙනෙක් අත්අඩංගුවට

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...