30 C
Colombo
Sunday, December 29, 2024

මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අවධානය

- Advertisement -

නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාන්තිව් දූපත නිරීක්ෂණ කිරීමට ඊයේ (23) එම ස්ථානයට ගිය අවස්ථාවේදියි.

මාන්තිව් දූපත අක්කර 100ක පමණ වපසරියකින් යුක්ත වන අතර, කොවිඩ් සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැළඳුන ගුවන් හමුදා නිලධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ මාන්තිව් දූපතේ මේ වනවිට ලාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින බවත් ඊට වඩා ඵලදායී කාර්ය්‍යක් එයින් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එබැවින් එම ලාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝ වන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රැඳවියන් රඳවා තබාගැනීමට ඇති ධාරිතාවය අවමවීම මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES