ඇල්පිටිය මූලික රෝහලේ කොවිඩ් වාට්ටුවට ආහාර ලබාදීම වෙනුවෙන් එහි ටෙන්ඩර්කරුට ලබාදිය යුතු මුදල් මාස දෙකයි දින 15 ක කාලයක සිට ලබානොදීම නිසා කොවිඩ් වාට්ටුවට ආහාර ලබාදීම නතරකර තිබෙනවා.
ආහාර සැපයීම වෙනුවෙන් ටෙන්ඩර්කරුට ලබාදිය යුතු රුපියල් හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් මෙලෙස ගෙවීම පැහැර හැර තිබීම නිසා පසුගිය දෙසැම්බර් 31 වනදා සිට ආහාර ලබාදීම අත්හිටුවීමට ටෙන්ඩර්කරු තීරණය කර ඇතිබවයි වාර්තා වන්නේ.
මේ පිළිබදව ටෙන්ඩර්කරු රෝහලට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයටද දැනුම්දී ඇති බවද වාර්තා වනවා.