31 C
Colombo
Thursday, August 29, 2024

ඉතිහාසයේ පළමු වරට තරුණ විරුවන් ඇගයිමක්

- Advertisement -

ශිෂ්‍යභට බලකායේ ප්‍රථම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17) පවත්වා තිබුණා.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත, ජාතික ශිෂ්‍යභට බළකාය මගින් සංවිධානය කරනු ලැබූ මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේදී පැවැත්වුණා.

මෙම සම්මාන උළෙලේදී චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය සහ සසිඳු නිම්සර සිසුවා වෙත ඔවුන් විසින් සිදුකරන ලද පරාර්ථකාමී ක්‍රියාවන් අගයමින් සම්මාන පිරිනැමිම සිදු කරනු ලැබුවා.

මෙහිදි අඩි 36ක් ගැඹුරැති ළිඳකට වැටී ජීවිතයත් සමඟ සටන් කරමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත්වීම ක්‍රියාවන් ඇගයීමට ලක්කරමින් පුත්තලම මහකුඹුක්කඩවල, කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු නිම්සර සිසුවාට සම්මාන පිරිනැමිම සිදු කරනු ලැබුවා.

තවද පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාදුක්ක වග, ඉරිද පොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය විසින් ඒ අසල පිහිටි වක් ඔය පීටාර ගැලීම හේතුවෙන් තම නිවසේ සිරවී සිටි අඹුසැමි යුවලකගේ ජීවිත බේරා ගැනිමේ ක්‍රියාව අගයමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සම්මාන පිරිනැමිම සිදු කළා.

අද දින පැවති උත්සවයේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා පවසා සිටියේ සම්මාන ලාභී සිසු දරුවන් දෙදෙනාගේ ආදර්ශමත් වීර ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසා කළ අතර, මෙම විරු සම්මානය ඔස්සේ විධිමත් පුහුණු විෂය මාලාවක් හරහා සාරධර්ම වලින් හෙබි, කාර්යක්‍ෂම හා ඵලදායී නායකයින් බවට පත්කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල වෙත තරුණ පාසල් සිසුන් සම්බන්ධ කිරීම දිරිමත් කරනු ලබන බවයි.

එමෙන්ම ජාතික ශිෂ්‍යභට බළකාය හා සම්බන්ධ වී ජාතික සංවර්ධනය සවිබල ගැන්වීමට දායක වන ලෙස තරුණ තරුණියන්ගෙන් ඔහු ඉල්ලා සිටියා.

මෙහි අරමුණ වුයේ වීරත්වය පිළිබිඹු වන ක්‍රියාවන්හි යෙදුනු තරුණ තරුණියන් හඳුනාගෙන එම වීරවරයන්, වීරවරියන් ඇගයීමට ලක්කිරීමත්, සමස්ථ තරුණ ප්‍රජාව අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් බවට පත්කිරීමයි .

අනාගත සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ක්‍රියාශීලි, බහුශ්‍රැත, විනයගරුක සහ අසාමාන්‍ය නායකත්ව ගුණාංගවලින් හෙබි පුරවැසියන් ලෙස ඔවුන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරනු ලබන තරුණ විරුවන් ඇගයීමට ලක් කිරීම හා උපහාර දැක්වීම වෙනුවෙන් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සිදුකරනු ලබනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, ජාතික ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන් සහ සම්මානලාභීන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් ද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 118ක් ලැබී තිබෙනවා. ඒ අනුව, පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (28) දිනය දක්වා ලැබි...

කතරගම පාසලක සිසුන් අපයෝජනය කිරීමේ සිද්ධියකට විදුහල්පති රිමාන්ඩ්

පාසලේ පිරිමි දරුවන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින කතරගම ගෝතමීගම කණිටු විද්‍යාලයේ  විදුහල්පතිවරයා ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පීට රට ගමන් තහනම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි...

POPULAR ARTICLES

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී...

රෙස්ලින් ලෝකයේ දැවැන්තයෙක් ජීවිතක්ෂයට

කීර්තියට පත් හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වූ බවයි...