මෙරට පාරිසරික ආරක්ෂාව උදෙසා ප්‍රථම වරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීම පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය විසින් මේ වනවිට අරඹා තිබෙනවා.
රජයන් මාරුවන විට සහ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකසන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුන් උපදෙසකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව, මේ වනවිටත් එම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සැකසීමේ කාර්‍ය අරඹා ඇතැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.