25 C
Colombo
Sunday, November 17, 2024

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

- Advertisement -

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ ඉතා සුළු සිදුවීම් කිහිපයක් හැරුනු කොට 2024 පාර්ලිමේන්තු මැතිවරණ කාලය තුල මෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ කිසිදු සැලකිය යුතු ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු නොවු බවයි.

මෙම සාමකාමී වාතාවරණය ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් සහගතව ක්‍රියා කළ ආකාරය අද (16) උදෑසන කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂකයින්ගේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ප්‍රශංසනීයව ඇගයීමට ලක් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ආරාධනයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති, ප්‍රජා පොලිස්, සංචාරක, ආයේජන හා මැතිවරණ නීතිඥ අසංග කරවිට මහතා මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES