මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක්.
සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක් බරුති මත්පෙති 12 ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇති බවයි.
සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.