එළැඹෙන 30 වනදා දක්වා රට වසා තැබුණද සංචාරකයන් සදහා රට තවදුරටත් විවෘතව පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සදහා මුදල් ගෙවා ඇති බැවින් ඔවුන් අපහසුතාවයට පත් කළ නොහැකි බවයි.
ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියාව හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබීම අනිවාර්ය කර තිබෙන බවද සදහන්.