32 C
Colombo
Tuesday, April 29, 2025

බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරී ඝාතන සැකකරු අධිකරණයට

- Advertisement -

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණා.

ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මෙම අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ – කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මොහු, දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට ද පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබුණා.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික, යතුරුපැදියකින් පැමිණ පසුගිය මාර්තු මස 13වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ, ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදීයි.

RECENT ARTICLES - SINHALA

එක් ගොවි සංවිධානයකට මිලියනයක්

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය...

අනුර මට බැන බැන රට වටේම යනවා – රනිල්

ජාතික ජන බලවේග ආණ්ඩුවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීම යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ බව...

ජනපතිගේ මීළඟ සංචාරය වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ...

POPULAR ARTICLES