29 C
Colombo
Friday, March 14, 2025

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

- Advertisement -

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා.

ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි.

තලගහවත්ත ප්‍රදේශයේ සීතලදොල ආරණ්‍ය සේනාසනය පාරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී මෙම සැකසහිත යතුරුපැදි දෙක හමුවී තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් සොයා අදාළ ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට යක්කලමුල්ල පොලීසිය පියවර ගෙන තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතාව අද (13) පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණා.

අක්මීමන, තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී නාඳුනන වෙඩික්කරුවකු විසින් ඝාතනය සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවා.

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාගේ අක්මීමන, තලගහපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද පස්වරු 4.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණා.
          
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

වෙඩික්කරු විසින් ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

61 හැවිරිදි සිරිදත් ධම්මික මහතා දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කලක් සේවය කර තිබුණා.

එහිදී ඔහුට පාතාල තර්ජන ද එල්ලවී ඇති බව පොලිසිය පැවසුවා.

ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



 

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

UPDATE 8.20 P.M වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති තිබෙනවා. ................................................................................. අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා....

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

UPDATE 8.20 P.M වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති තිබෙනවා. ................................................................................. අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා....

පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ තුවාලකරුවන්...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...