අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු රජයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව පවසන සිද්ධියක් සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කර තිබෙනවා.
එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.