ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චන්ද්‍රගුප්ත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (18) නියම කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් කාර්යාලය වහාම මුද්‍රා තැබීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියම කළ අතර, රහස් පොලිස් නිලධාරීන්ට හෙට දිනයේ එම කාර්යාලයේ පරීක්ෂා කොට ප්‍රශ්නගත බෙහෙත් ජාවාරමට අදාල ලේඛන සොයා ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළා.