ඇෆ්ගනිස්තානයේ හමුදාවේ නිලධාරින් ලෙස කටයුතු කළ විශාල පිරිසක් මේ වනවිට තලේබාන් පාලකයන් විසින් රදවාගෙන ඇතැයි වාර්තා වේ.
එරට වාර්තා සදහන් කරන්නේ හුදු ඇෆ්ගනිස්තාන හමුදාවේ නිලධාරින්වීම නිසාම අත්අඩංගුවට ගත් මෙම පිරිස් අවම පහසුකම් යටතේ අමානුෂික ලෙස රදවාගෙන ඇති බවයි.
මොවුන් පිළිබද තොරතුරු ලබාදීම මෙන්ම පවුල්වල සාමාජිකයන් හමුවීමට අවස්ථාව ලබාදීම ද ප්‍රතික්ෂේප කෙරී ඇති බව පැවසේ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට හමුදාවට සම්බන්ධව කටයුතු කළ අය වෙත පොදු සමාවක් ලබාදෙන බව ප්‍රකාශ කළත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
පසුගියදා ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් විස්සක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ හිටපු හමුදා සාමාජිකයන් පැහැරගෙනයාම, නඩු විභාගයකින් තොරව ඝාතනය කිරීම වැනි සිදුවීම් වහාම නවතා දමන ලෙසයි.