30 C
Colombo
Tuesday, April 29, 2025

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

- Advertisement -

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර තිබෙන බව සඳහන් කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසාත් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය  අදාළ සැකකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහැරීමට නියම කළා.

ඉන් අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නියම කළා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලනය, පළාත්...

මුතු රාජා ලංකාවට දෙන්නේ නැහැ-තායිලන්තය

දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටියදී තායිලන්තයට රැගෙන ගිය "මුතු රාජා" නම් ඇතා යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බව තායිලන්ත රජය දැනුම් දීමක් කර තිබෙනවා. "මුතු...

රෝයල් පාක් නඩුවට මෛත්‍රි වන්දි මුදල ගෙවලා

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට ගත් තීරණයෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල්...

POPULAR ARTICLES