30 C
Colombo
Sunday, April 27, 2025

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

- Advertisement -

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබෙනවා.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඇපමත මුදා හරිනු ලැබුවා.

නමුත් සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ නමුත් අද දිනයේදී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සුලමුල

ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගෙන්...

නුවරඑළිය ජලයෙන් යටවෙලා

නුවරඑළියට අද (27) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ධර්මපාල වටරවුම අසල, බෞද්ධ මන්දිරය සහ නුවරඑළිය - වැලිමඩ ප්‍රධාන මාර්ගය මෙලෙස...

දළදා දැක්ම අවසන්

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27)...

POPULAR ARTICLES