අරගල සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව ඊයේ රාත්‍රියේ සැකකරු සිය නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අදාළ සිදුවීම වූ දිනයේ දී සියදෙනෙකු එම ස්ථානයට රැගෙන ගිය බවට පැවසෙන හඬ පටයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන මස 04 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.