27.6 C
Colombo
Friday, November 22, 2024

ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් හොයාගෙන

- Advertisement -

ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල්ලේ හා පීපල්ස් පාර්ක් හිදි අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ආලේපන තොගය සහ ව්‍යාපාරිකයින් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පාරිභෝගික අධිකාරිය වෙළඳ පොළේ භාණ්ඩ පිළිබඳ ගැටලූවක් ඇත්නම් ඒ පිළිබඳව 1971 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල...

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

POPULAR ARTICLES