සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල් අසල නතර කර ඇති යතුරු පැදි විවිධ ප්රදේශවලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්රදේශවල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය විසින් සොයාගත් බව පැවසෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම යතුරුපැදි හිමිකරුවන් පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පුද්ගලයින් හඳුනාගෙන අම්බලන්තොට සති පොල පැවැති දිනයේදී එක් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.