29 C
Colombo
Tuesday, September 17, 2024

ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

- Advertisement -

පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා.

පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා දීමට සමත් වුනේ පිරිමි කණ්ඩායමයි. පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේ අවසන් තරගයට සහභාගී වූ ඔවුන් ප්‍රබල ඉන්දියාව හමුවේ වට 3-0ක පරාජයක් ලැබුවා.

එම ඉසව්වේ ඒකල තරග දෙකේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු තරග වට 2-0ක් ලෙස ප්‍රසාන්ත් මෝරේ හමුවේත් සහීඩ් හිල්මි කොමර්වේලි ශ්‍රීනිවාස් හමුවේ තරග වට 2-0ක් ලෙසත් පරාජය ලැබුවා.

කණ්ඩායම් ඉසව්වේ යුගල තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ උදේශ් පෙරේරා සහ සුරාජ් මධුවන්ත තරග වට 2-0ක් ලෙස පරාජය වුනේ සන්දිප් ඩිව් සහ අබ්දුල් රහුමාන් හමුවේයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ කාන්තා කණ්ඩායම් ඉසව්වෙනුයි. එහි තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ බංග්ලාදේශ කණ්ඩායමයි.

කණ්ඩායම් තරගයේ යුගල ඉසව්වේ දී නිසංසලා මදුවන්ති සහ ටශ්මිලා කාවින්දි විසින් තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර කේවල තරගවල දී ජෝසප් රොශීටා සහ රෙබේකා ඩැලරින් ජයග්‍රහණ ලැබුවා.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි විසින් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ සහීඩ් හිල්මි විසිනුයි.

තරග වට අටකින් සමන්විත වූ මෙම ස්විස් ලීග් තරගයේ වට හතක් අවසන් වන තුරුම හිල්මි පෙරමුණේ සිටියත්, අවසන් වටයේ ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ගුර්ජාන් හමුවේ ලද පරාජය නිසා ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වුනා.

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට වැඩිම Slams (තරගය ආරම්භ කළ පසු ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී තරගය අවසන් කිරීම) වාර්තා කර නිශාන්ත ප්‍රනාන්දු විසින් වීම කැපී පෙනුණා. ඔහු තරගාවලිය පුරාවට වාර්තා කළ Slams ගණන 11ක්.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...