වික්‍රමසිංහ රජයේ අමාත්‍යවරුන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත්, ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසත්, කංචන විජේසේකර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.