27 C
Colombo
Monday, October 7, 2024

පොලීසියට පාට් දැමූ නිතීඥවරියක් ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ්

- Advertisement -

පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (08) දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

කැස්බෑව නගර  මධ්‍යයේ සිදුවූ  අනතුරකින්  පසු ටිපර් රථ රියදුරුට  මෙන්ම  විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ, මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි නීතිඥ නිමේෂා දුෂානි වානගුරු, ඇයගේ සැමියාවන වීරතුංග ජයවර්ධන තුමේෂ් ගිහාන්  කාංචන,නීතිඥවරියගේ පියා සහ නැගණිය යන අයයි.

පොලිසිය පවසන්නේ, සැකකාර නීතිඥවරියගේ පියා  පෙරේදා පෙරවරුවේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය  නවතා  තිබියදී  එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවයි.

එම අවස්ථාවේදී  ටිපර් රථ රියදුරුද ටිපර් රථයෙන්  බිමට බැස ඇති අතර මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු  ද ඒ සමගම මෝටර් රථයෙන් බිමට බැස රියදුරුටව වට කරගෙන ඇති අතර කාන්තාවන් ටිපර් රියදුරුව අල්ලාගෙන සිටියදී මෝටර් රථ රියදුරු ඔහුට පහර දී  තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සැරයන්වරයා එම ස්ථානයට පැමිණ තිබෙනවා.

අනතුරුව ටිපර් රියදුරුට පහරදීම හා මෝටර් රථ රියදුරු ද අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන පොලිස්  ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී නීතිඥවරිය සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබෙන බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආසියානු සංවර්ධන බැංකුවෙන් ජනපතිට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක...

Breaking : අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.විජේරත්න මහතා අද (07) පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී...

ඉතිහාසයේ පළමු වරට CID මුල් පුටුවට කාන්තාවක්?

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...