අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය පැනල ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ අනුව, එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇති.
මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා පවසනවා.