24 C
Colombo
Tuesday, March 18, 2025

මාසෙකට ලක්ෂ 20ක් කෑමට වියදම් වූ අප්‍රිකානු ජාතිකයන්ට නිදහස

- Advertisement -

වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

එම සැකකරුවන්ට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබූ අතර, මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයාගෙන් ලැබී තිබූ කරුණු සැලකිල්ලට ගනිමින්.

මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අප්‍රිකානු ජාතිකයන් 30 දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වැලිසර විදේශ රැඳවුම් කඳවුරක රඳවා තිබෙනවා.

මෙම සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ට නැවත ලබාදෙන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසටද නියෝග කරනු ලැබුවා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ශෂී ගුණවර්ධන මහත්මිය අධිකරණයට පෙන්වාදී තිබුණේ, කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වසර 06කට අධික කාලයක් වැලිසර විදේශ රැඳවුම් කඳවුරක ඔවුන් රඳවා සිටි නමුත්, ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා ගොනුකර නොමැති බවද එය ඔවුන්ට කළ අසාධාරණයක් බවයි.

මෙම සැකකරුවන්ගේ ආහාර වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් රජය වැයකර ඇති බවද ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වාදී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රිකානු ජාතික සැකකරුවන් 34 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් සිව් දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා ලබාදී තිබුණා.

ඒ අනුව,මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, ලබන වසරේ මැයි මස 16 වන දින එම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා ගොනුකරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

POPULAR ARTICLES