කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවෙස් වෙතටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහන අද (11) සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර ඒ යටතේ උදෑසන සහ පස්වරුවේ නිවෙස් වෙත නැවුම් එළකිරි සැපයීමට සැලසුම් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසන්නේ මෙම වැඩසටහන මඟින් පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කිරීම අරමුණු කරන බවයි .