34 C
Colombo
Saturday, April 26, 2025

“ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක්” – අගමැතිනියගෙන් සුබ පැතුම්

- Advertisement -

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඇය පවසන්නේ,අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වු බවයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර වී තිබු බවත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇති බව ඇය පෙන්වා දෙනවා.

එම නිසා 2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සිය අලුත් අවුරුදු පණිවිඩය මගින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය  සඳහන් කළා.

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු.

එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වෙයි. අපගේ සංස්කෘතිය හා වටිනාකම් තුළ මුල් බැසගත් – ධනාත්මක වෙනසක් ළඟාකර ගැනීමට සහ අරමුණු පෙරදැරිව, එකමුතුකමෙන් ඉදිරියට යායුතු බව මේ සාම්ප්‍රදායික උත්සවය අපට සිහිපත් කරදෙයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබිණි. කෙසේ වෙතත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇත.

2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ එහෙයිනි. එය, උතුර දකුණ නැගෙනහිර සහ බටහිර පුරා සියලුම ප්‍රජාවන් වඩා සුබදායී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වූ සහ එක්වෙමින් සිටින වසරකි. එළඹෙන මැයි මාසයේදී ඒ ජනතා පැතුම් යළිත් මල්පල දරනු ඇත.

නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත, ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් සහ සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය, එකමුතුකම සහ නව ජවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි…!

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES