32 C
Colombo
Friday, January 10, 2025

මෙරට අවිධිමත් ජලඅපවහන ක්‍රමවේදය ජල මූලාශ්‍ර විනාශයට හේතුවක් – ජාතික විගණන කාර්යාලය

- Advertisement -

ශ්‍රී ලංකාවේ මිරිදිය ජල මූලාශ්‍ර දැඩි ලෙස දූෂණයට පත්ව ඇති නිසාවෙන් එය පානීය ජලය ලෙස පිරිපහදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

අන්තර්ජාලයට එක්කර ඇති එම ජාතික විගණන කාර්යාල වාර්තාවෙහි සදහන් වන්නේ පිරිපහදු කිරීම සඳහා ලබා ගත් ජලයේ අපවිත්‍ර ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙලෙස අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

මීට හේතුවන ප්‍රධාන කාරණා ලෙස අභ්‍යන්තර ජලාශවලට අපජලය බැහැර කිරීමේදී ප්‍රමිති කෙරෙහි අවධානය යොමු නොවීම පිරිපහදුව සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වල මිල, ජල භාවිතය තීව්‍ර වීම වැනි කරුණුද මෙම පිරිවැය ඉහළ යෑමට හේතුවී ඇති බව එම වාර්තාවේ සඳහන්.

මිලියන හයකට ආසන්න ජනගහනයක් වෙසෙන බස්නාහිර පළාතෙන් දිනකට අපජලය ලීටර් මිලියන 1200 කට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය වන බව ජාතික විගණන කාර්යාල වාර්තාව පෙන්වා දෙනවා.

එම අපජලය වැල්ලවත්ත සහ මාදම්පිටිය පොම්පාගාර හරහා සාගරයට බැහැර කෙරෙක අතර එමගින් ඇතිකරන සමුද්‍රීය පරිසර දූෂණයේ බරපතලකම කෙතරම්ද යත්, බස්නාහිර පළාත හරහා පමණක් වසරකට අපිරිසිදු අපජලය ලීටර් මිලියන 438,000 ක් සාගරයට එකතු වන බව ගණන් බලා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙනවා.

පුද්ගලයින් 20,000 ක් පමණ සේවය කරන කර්මාන්ත ශාලා 408 ක් ආවරණය කිරීමේ අරමුණින් 2013 වසරේදී ඝන මීටර් 17,000 ක ධාරිතාවයකින් යුත් රත්මලාන අපජල පවිත්‍රාගාරය විවෘත කරනු ලැබූවා.

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතට අනුව අවම වශයෙන් කිලෝමීටර දෙකකින්වත් ඈතින් මුහුදට මුදාහැරිය යුතු එම අපජල පවිත්‍රාගාරය මගින් මුහුදට මුදාහරින අපජලය මුහුදට මුදාහැර තිබුණේ මීටර් 600 ක් පමණ දුරකින් බව අදාළ විගණන වාර්තාවේ සඳහන්.

දෙහිවල ගල්කිස්ස, කොළොන්නාව සහ කොළඹ ප්‍රදේශයෙන් පිටත ආයතන 11 ක අපජලය කොළඹ නගර සභා පද්ධතියට ගෙන වැල්ලවත්ත සහ මාදම්පිටිය පිරිපහදු මධ්‍යස්ථාන හරහා ක්‍රමවත්ව මුහුදට ගෙනයාම නිවැරදි ක්‍රමය වුවත් එම පිරිපහදු මධ්‍යස්ථාන දෙකම අක්‍රීයව ඇති බැවින් අපජලය සෘජුවම මුහුදට මුදා හරින බවද විගණන වාර්තාවේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...