26 C
Colombo
Monday, April 28, 2025

ඉන්ධන අර්බුදය: රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීමේ අවදානමක්..!

- Advertisement -

ඉන්ධන අර්බුදයත් සමග රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීමේ අවදානමක් මතුව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ හදිසි නොවන ශල්‍යකර්ම සීමා කර ඇති අතර හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කෙරෙන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතුද ඉන්ධන අර්බුදය හමුවේ අඩාලවීමේ අවදානමක් මතුව තිබෙනවා.

අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක ද සිල්වා මහතා පවසන්නේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවැරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමේ ගැටලු මතුව ඇති බවයි.

වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදී රෝහල් කටයුතු අඩාල විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල වෙත පැමිණීමේ ගැටලු මතුව ඇති අතර ප්‍රමුඛතා පදනම යටතේ ඔවුන්ට ඉන්ධන ලබාදෙන්නැයි ලිපියක් නිකුත් කර ඇති බවයි අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසන්නේ.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් පවතින වාතාවරණය හමුවේ එම ලිපිය ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමේ ගැටලු පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES