30 C
Colombo
Saturday, December 21, 2024

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලේ සල්ලි නෑ – The Morning; තවත් අරමුදලක් පිහිටුවනවා – කබ්රාල්

- Advertisement -

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල හිස්ව ඇති බවට ‘The Morning’ පුවත්පත වාර්තා කරනවා.

දේශීය ඉන්ධන මිල කෙරෙහි ලෝක වෙළඳ පොලේ සිදුවිය හැකි මිල උච්ඡාවචනයන්ගේ බලපෑම අවම කිරීම වෙනුවෙන් මෙම අරමුදල 2020 වසරේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ස්ථාපිත කරනු ලැබුවා.

රුපියල් බිලියන 18 ත් 20 ත් අතර මුදලක් එම අරමුදල සතුව තිබූ බවත් මේ වන විට එම අරමුදල හිස්ව ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම සඳහාත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුව සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණයක් ගෙවීම සඳහාත් මෙම අරමුදල භාවිතා කර ඇති බව පුවත්පත වාර්තා කරනවා.

බොරතෙල් මිල උච්චාවචනයන් හරහා ඉන්ධන මිල නොවෙනස්ව පවත්වා ගනිමින් ලාභයන් හා අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා මෙම අරමුදල පිහිටුවන ලද අතර එවකට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රයකට අනුව රු. බිලියන 50ක් එම අරමුදලෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දිය යුතු අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට බොරතෙල් ලීටරයකට රුපියල් 70 බැගින් ලබා දීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත්, 2021 ජුනි 11 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184කි. ඔටෝ ඩීසල් හි නව මිල ලීටරයකට රුපියල් 111 ක් වන අතර සුපිරි ඩීසල් වල නව මිල ලීටරයකට රුපියල් 144 කි. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77 කි.

මෙම අරමුදල නැවත ස්ථාපිත කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ විසින් අප්‍රේල් මාසයේදී අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය තවමත් ලබා දී නොමැත.

මේ අතර, අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටියේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළ ගියහොත් දේශීය ඉන්ධන මිල නැවතත් ඉහළ යාමේ අවදානමක් ඇති හෙයින් මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

ඇමති බංගලා පිටරට සංචාරකයින්ට

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES

දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවා....

බැංකු ගිණුමක් අරිනවා නම් ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි

ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය...

පළාත් පාලන මැතිවරණය අවුරුද්දට කලින් – ජනපති

ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා . ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර...