අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පවතින තත්ත්වය අනුව ලෝක වෙලෙඳපොළේ පවා බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.
ඒ අනුව රුපියල් 337 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00ක් ලෙසයි.
එමෙන්ම රුපියල් 373 ක් ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 289 ක මිලකට අලෙවි කෙරූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වා ඉහළ දමා ඇති අතර රුපියල් 329 ටපැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445 ක් දක්වා වැඩි කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ද සිය මිල ගණන් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව IOC පෙට්‍රල් හා ඩීසල්වල මිල ගණන් මේ අනුව ඉහළ යනු ඇති.