32 C
Colombo
Thursday, May 1, 2025

ඉන්ධන දෙන්නේ ඉල්ලුමෙන් 50%යි..! – අගමැති රනිල්

- Advertisement -

ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමට රජය තීරණය කර ඇති නමුත් එසේ අඛණ්ඩව සැපයිය හැකි වන්නේ පවතින ඉල්ලුමෙන් 50%ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, ඊයේ (14) දිනයේදී විශෙෂ ප්‍රකාශයක් කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“අද අපි ඉන්ධන අඛණ්ඩව ලබාදෙන්න තීරණය කළා. අඛණ්ඩව ලබාදෙන්න පුළුවන් දැන් තියෙන ඉල්ලුමෙන් 50%ක් ලබාදෙනවා නම් පමණයි. ඒකෙත් ප්‍රමුඛතාවය දෙනවා විදුලිබල නිෂ්පාදනයට, ප්‍රවාහනයට, තවත් අත්‍යාවශ්‍ය සේවා ගණනාවකට. මේ අනුව දැන් තියෙන තොග ප්‍රමාණය දවස් 7කට අපට යොදවා ගන්න පුළුවන්. මේ මාසේ 16 වෙනිදා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් ගෙනෙන නැවක් ලංකාවට පැමිණෙනවා.

මේ අනුව, දැනට මාසෙ අන්තිම වෙනකල් නිශ්චිතව නැව් ලබාගෙන තියෙනවා. ඊළඟ මාසයටත් අපි දැන් නැව් දෙකක් ලබාගන්න ක්‍රියා කරගෙන යනවා. ඊටපස්සේ ඉන්දියානු අලුත් ගිවිසුම අත්සන් කළාම ක්‍රෙඩිට් ලයින් එක, අපට මාස හතරකට ඇත්ත වශයෙන්ම ඉන්ධන තිබෙනවා. ඒත් මේ සියල්ලම අපි දෙන්නේ 50%ක පදනම අරගෙන තමයි”

RECENT ARTICLES - SINHALA

හිටපු ජනපතීන්ගේ වරප්‍රසාද තවත් කපලා

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇති බවට වාර්තාවනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමි වන්නේ එක් දුරකතනයක් පමණයි. එමෙන්ම සේවක...

හොර වීසා එකකින් පෝලනතයට පනින්න හදපු දෙදෙනෙක් මාට්ටු

ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්...

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හිටපු...

POPULAR ARTICLES