28 C
Colombo
Monday, December 16, 2024

Galle Marvels හිමිකරු යළි රිමාන්ඩ්

- Advertisement -

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන “ලංකා T10” සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ ගාල්ල මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම ඔහු රහස් ප්‍රකාශයක් ලබා දීමට එකඟ බව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පවසා තිබෙනවා.

එම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා 10 වැනිදා ඔහුව සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙන්නේ.

එහිදී සැකකරු සහ ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුට පාපොච්ඡාරණයක ස්වරූපයෙන් ප්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු තරග පාවාදීම් සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය ක්‍රීඩකයකට සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

මෝටර් රථ සිද්ධියට සෙට් එකකගේ බැංකු ගිණුම් තහනම් කරලා

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා...

X-Press Pearl නැවේ නඩුවකට අදාළව නීතිපති කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

යතුරුපැදි අනතුරකින් දියණිය මරුට. පියාට තුවාල

අද (16) උදෑසන මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින්...

POPULAR ARTICLES

මෝටර් රථ සිද්ධියට සෙට් එකකගේ බැංකු ගිණුම් තහනම් කරලා

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා...

X-Press Pearl නැවේ නඩුවකට අදාළව නීතිපති කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

බුම්රාගෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාව, “most valuable primate (MVP)” ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක ඊසා ගුහා ප්‍රසිද්ධියේම...