32 C
Colombo
Sunday, November 17, 2024

ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුව කළ චෝදනාවට ගම්මන්පිල පිළිතුරු දීමට සූදානම් වෙයි

- Advertisement -

ඉන්ධන මිල ඉහළ නැංවමින් මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්කල තීරණය සම්බන්දයෙන් වගකීම භාරගෙන තමන්ට ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට පිළිතුරු දීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සූදානම් වනවා.

ඒ අනුව අද (13) පස්වරු 2 ට බලශක්ති අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අදාළ චෝදනාවන් හට පිළිතුරු දීමට නියමිත බවයි උදය ගම්මන්පිල මහතා නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (12) නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉන්ධන මිල ඉහළ දමමින් උදය ගම්මන්පිල මහතා වුවමනාවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා කටයුතු කරන්නේදැයි සාධාරණ සැකයක් ඇතිව ඇති බවටයි.

කෙසේ වෙතත් පෙරේදා (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩිකිරීමේ තීරණය ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනුකමිටුව විසින් ගත් බවයි.

අමාත්‍ය අනුකමිටුවෙහි සාමාජිකයන් වන්නේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සාමාජිකයන් ලෙස බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, අජිත් නිවාඩ් කබ්රාල් යන අයයි.

මීට අමතරව අදාළ තීරණය ගත් ජුනි 09 වැනිදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටු රැස්වීමට උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ද සහභාගීවී ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES